Posts

සිංහල අවනද්ධ භාණ්ඩ..

Image
  සිංහල අවනද්ධ භාණ්ඩ... ගැට බෙරය.. ගැට බෙරය හෝ උඩරට බෙරය නමින් හදුන්වනු ලබන්නේ උඩරට නර්තන සම්ප්‍රදායයේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය‍යි. මෙහි කද මැද ගෙඩියක් / ගැටයක් / බඩක් / පුහුලක් මෙන් විශේශ වූ තත්ත්වයක් ඇති හෙයින් ගැට බෙරය නමින් හදුන්වනු ලබයි. උතුරුසල පුනාවස නැකතින් බෙරය සෑදීමට අවශ්‍ය ගස කපා හෙණ යෝගයේ වාද්‍ය භාණ්ඩය සැකසීම සිදු කරයි. ගංසූරිය,වරකා,ඇසළ,හල්මිල්ල යන ලී වර්ග බෙර සෑදීමට යොදා ගනු ලැබේ. බෙර කදෙහි දිග වාදන ශිල්පියාගේ අතින් තුන් වියත් තුන්ගුලකි.බෙර ඇසේ ප්‍රමාණය විග්ගුස්සකි. බෙර කට දෙක එකිනෙකට වෙනස් වේ.වම් බෙර ඇසට වඩා දකුණු බෙර ඇස ඉතා සුළු ප්‍රමාණයක් කුඩා ලෙස සකස් කරගනු ලබයි. බෙර කටේ ඝනකම වනුයේ අගල භාගයකට තරමක් අඩු විය යුතුය .බෙරකට තරමක් රවුම් ආකාරයට සිටින සේ බදිනු ලබයි. පහතරට බෙරය ... සිලින්ඩරාකාර හැඩයෙන් යුතු මෙම බෙරය පහතරට නොඑසේනම් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ. පහතරට බෙරය ,රුහුණු බෙරය ,දික් බෙරය ,ඝෝෂක බෙරය හෝ යක් බෙරය ,දෙවොල් බෙරය ආදී නම් රාශියකින් හදුන්වනු ලබයි. මෙම බෙරයේ කද පොල් ,කිතුල් ,අහැළ ,කොහොඹ ආදී දැව යොදා ගනිමින් සාදනු ලබයි. පහතරට බෙරයේ බෙර කදෙහි ද...