සිංහල අවනද්ධ භාණ්ඩ..

 සිංහල අවනද්ධ භාණ්ඩ...


ගැට බෙරය..



  • ගැට බෙරය හෝ උඩරට බෙරය නමින් හදුන්වනු ලබන්නේ උඩරට නර්තන සම්ප්‍රදායයේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය‍යි.
  • මෙහි කද මැද ගෙඩියක් / ගැටයක් / බඩක් / පුහුලක් මෙන් විශේශ වූ තත්ත්වයක් ඇති හෙයින් ගැට බෙරය නමින් හදුන්වනු ලබයි.
  • උතුරුසල පුනාවස නැකතින් බෙරය සෑදීමට අවශ්‍ය ගස කපා හෙණ යෝගයේ වාද්‍ය භාණ්ඩය සැකසීම සිදු කරයි.
  • ගංසූරිය,වරකා,ඇසළ,හල්මිල්ල යන ලී වර්ග බෙර සෑදීමට යොදා ගනු ලැබේ.
  • බෙර කදෙහි දිග වාදන ශිල්පියාගේ අතින් තුන් වියත් තුන්ගුලකි.බෙර ඇසේ ප්‍රමාණය විග්ගුස්සකි.
  • බෙර කට දෙක එකිනෙකට වෙනස් වේ.වම් බෙර ඇසට වඩා දකුණු බෙර ඇස ඉතා සුළු ප්‍රමාණයක් කුඩා ලෙස සකස් කරගනු ලබයි.
  • බෙර කටේ ඝනකම වනුයේ අගල භාගයකට තරමක් අඩු විය යුතුය .බෙරකට තරමක් රවුම් ආකාරයට සිටින සේ බදිනු ලබයි.

පහතරට බෙරය ...


  • සිලින්ඩරාකාර හැඩයෙන් යුතු මෙම බෙරය පහතරට නොඑසේනම් රුහුණු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩය වේ.
  • පහතරට බෙරය ,රුහුණු බෙරය ,දික් බෙරය ,ඝෝෂක බෙරය හෝ යක් බෙරය ,දෙවොල් බෙරය ආදී නම් රාශියකින් හදුන්වනු ලබයි.
  • මෙම බෙරයේ කද පොල් ,කිතුල් ,අහැළ ,කොහොඹ ආදී දැව යොදා ගනිමින් සාදනු ලබයි.
  • පහතරට බෙරයේ බෙර කදෙහි දිග ද තුන් වියත් තුන් ගුලකි.ගැට බෙරයේ දිගට සමාන වේ.
  • මෙහි බෙර ඇස දෙකම එක සමාන විශ්කම්භයකින් යුක්ත වේ.
  • මෙම බෙරයේ ඇස හෙවත් තට්ටුව සෑදීම සදහා යොදා ගනු ලබන්නේ හරක් බොක්කය.
  • මෙහි බෙර ඇස දෙපැත්තට ම එක හා සමාන සිවියක් ගත්තද ශබ්ද මාධූර්යය එකිනෙකට වෙනස් වේ.


දවුල...


  • දවුල වූ කලී ශ්‍රී ලංකාවේ උඩරට , පහතරට ,සබරගමු යන සම්ප්‍රදායත්‍රය තුළම දක්නට ලැබෙන අවනද්ධ භාණ්ඩයකි.
  • මෙය සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්ධ භාණ්ඩයයි.
  • මීට අමතරව ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික වතාවත් වලදී ද අවමංගල්‍යය අවස්ථා වලදී ද දවුල භාවිත කෙරේ.(අවමංගල්‍යය අවස්ථා වලදී සුදු රෙදි කඩකින් ඔතා වාදනය කරනු ලබයි .)
  • කඩුප්පුව යනුවෙන් හදුන්වනු ලබන ලී කෝටුවකින් සහ අතින් වාදනය කරනු ලබයි.
  • දවුල් කද සෑදීම සදහා ඇහැළ ,කොස් ,හල්මිල්ල ,කිතුල් ,තල් ,පොල් වැනි දැව වර්ග ගනු ලැබේ.
  • දවුල රාජ්‍ය පරිපාලන කටයුතු වලදීද උපයෝගි කරගත් භාණ්ඩයකි .එහිදී එය "අණ බෙරය" ලෙස හැදින්වේ.
  • දවුල රියනක් පමණ දික් වූත් අඩියකුත් අඟල් 2-3 පමණ විශ්කම්භයකින් යුක්ත වූත් භාණ්ඩයකි .
  • එහි දවුල් ඇස හෙවත් තට්ටුව සදහා හරක් හම් හෝ එළු හම් යොදා ගැනේ.

තම්මැට්ටම...


  • තම්මැට්ටම අතීත සාහිත්‍ය ග්‍රන්ථයන් හි පොකුරු බෙරය නමින් හදුන්වා ඇත.
  • ඇහැළ ,ගංසූරිය ,කොහොඹ ,වරකා වැනි දැව වලින් සාදන තම්මැට්ටම වූ කලී කුඩා බෙර කදන් දෙකකි.
  • තම්මැට්ටමේ ඇස් දෙක හෙවත් පලු දෙක එක සමාන නොවේ.
  • හඩ බෑය නමින් හඳුන්වන ඉතා ඉහළ ශබ්දයක් පතුරුවන තම්මැට්ටම් බෑය විශ්කම්භය අඟල් 10ක් පමණද ඉතා ගැඹුරු හඩක් නංවන බෑය මණ්ඩම නමින් ද හදුන්වනු ලැබේ.
  • හඩ බෑය සහ මණ්ඩම එකට එක්කොට තබනු ලබන්නේ කුණ්ඩලම් පල්ල හෙවත් කුන්දිරම ආධාරයෙනි.
  • තම්මැට්ටම වාදනය කරනු ලබන්නේ කඩිප්පුව නමින් හදුන්වනු ලබන උපකරණ දෙකක ආධාරයෙනි .මේවා කිරිදි වැල් වලින් සකස් කරගනු ලැබේ.
  • තම්මැට්ටම පුහුණු වන්නේ ප්‍රථමයෙන් කොට්ට බිස්ස යනුවෙන් හදුන්වනු ලබන භාණ්ඩයෙනි.

රබාන ...


  • රබාන වූ කලී එක් මුහුණක් ඇති තූර්ය භාණ්ඩයකි .
  • ලංකාවේ රබන් වර්ග 4ක් දැක ගත හැකිය.
  • මෙය මගුල් අවස්ථා වැනි උත්සව අවස්ථා වලදී විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුදු සමයේදී ගම්බද ව දැකිය හැකි වාදන විශේෂයකි.
  • රබන් වාදනය මෙන් ම රබන් කරකැවීම ද සිංහලයන් අතර ජනප්‍රිය ක්‍රීඩා විලාසයකි.
  • අතීතයේ රබන් කද /විට්ටම සදහා කොළොන් ලීය යොදාගත්තද වර්තමානයේ මේ සදහා "මාර" ලීයක්‍ යොදා ගන්නා බව පෙනේ.
  • මහ රබානක විශ්කම්භය අඩි 1 සිට 3 දක්වා වන අතර අත් රබානක විශ්කම්භය අඟල් 8,10,12,14,16 ආදී ප්‍රමාණ බව සැලකුව මනා ය.

Comments

Post a Comment